අලුත් අවුරුදු සැමරීමට කියා දිස්ත්‍රික් අතර සංචාරය කළහොත් ඒ පුද්ගලයන් දින 14ක නිරෝධායනයට ලක් කරන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

කොළඹ ප්‍රදේශයේ සිරවී සිටින අය කළ යුතු හොඳම දේ, තමා සිටින ස්ථානවලම සිටීම බව පවසන නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ ඒ රාජකාරි මට්ටම් අනුව රියැදුරන් හා අනෙක් පුද්ගලයන්ට පමණක් මෙලෙස ගමන් කළහැකි බව පැවසීය.

අලුත් අවුරුදු සැමරීමට කියා ගමට කොරෝනා ගෙන යනවාද නැද්ද යන කාරණය කෙරෙහි සියලු දෙනා තරයේ අවබෝධ කරගත යුතු බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here