කොරෝනා වෛරසය ආසා නය වී ඇතිදැයි වන පුද්ගල ජෛව සාම්පල ලබා ගැනීමට භාවිතා කරන උපකරණ මෙරටදීම නිපදවීම සඳහා තීරණය කර ඇතැයි වාර්තා වේ.

 

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අදාළ උපකරණ නිපද වීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මේවන විටත් කටයුතු කරමින් ඇතැයි ද වාර්තා වේ.

 

 

රටේ අවශ්‍යතාව අනුව විවිධ වෛද්‍ය පරීක්ෂණ කට්ටල නිපදවීමේ හැකියාව ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය සතු බව අදාළ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

 

 

ඒ අනුව ඉදිරියේදී මෙරටට අවශ්‍ය එන්ත් වර්ග සහ සේලයින් වැනි නිෂ්පාදන ද සිදුකිරීමට හැකි වනු ඇති බවද ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම හරහා රටේ විවිධ ක්ෂේත්‍රයන්හි සුවිශේෂී වෙනස්කම් සිදුවෙමින් පවතින අතර, ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකරමින් පවතින මෙම වැඩපිළිවෙළද මෙරට ඉතිහාසයේ තවත් විශේෂ අවස්ථාවක් වනු ඇති බවද විද්වතුන්ගේ මතයයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here