ගෘහස්ථ රයිස් කුකරයක් භාවිත කරමින් නිවසක මුළුතැන්ගෙයි කසිප්පු පෙරූ පුද්ගලයෙකු අද (15) උදෑසන කොටවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෘහස්ථ රයිස් කුකර් එකකින් කසිප්පු පෙරීම සදහා නවීන පන්නයේ මෙවලමක් මෙම සැකකරු විසින්ම නිෂ්පාදනය කර ගෙන තිබේ.  ඒ අනුව මෙතෙක් බොහෝ වෙහෙසක් දරා නීති විරෝධී මත්පැන් පෙරීම වෙනුවට මෙම නිර්මාණය තුළින් ඉතා අඩු කාලයක දී  කසිප්පු මිලිලීටර් විසි දහසක් පමණ නිෂ්පාදනය කරගත හැකි බව මූලික පොලිස් පරීක්ෂණ වලින්  අනාවරණය විය.

මෙය පොලිසියට ප්‍රථම වරට ගෘහස්ථ රයිස් කුකර් එකකින් නීති විරෝධී මත් පැන් පෙරන මෙවලමක් හමු වූ බව පොලිසිය කියයි.  මෙලෙස නිෂ්පාදනය කරන නීති විරෝධී මත්පැන් මෙම දිනවල රුපියල් දෙදහසක් වැනි ඉහළ මුදලකට අලෙවි කරන බවට පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම උපාංග සමග ගෝඩා මිලි ලීටර් විසි දහසක් අත්තඩංගුවට ගෙන ඇත. සැකකරු කොටවිල පොලිස් බල ප්‍රදේශයේ අකුරුගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි . මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත කොටවිල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් .සී . හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් කොටවිල පොලිසියේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ .සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

මාතර උදය කුමාර රණවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here