කොරෝනා ලංකාවට පැමිණෙද්දී යහපාලන ආණ්ඩුව තිබුණා නම් හොඳින් එය පාලනය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

 

අද සෞඛ්‍ය ඇමැති ලෙස කටයුතු කරන පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට වඩා හොඳින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැති ධුරය දරද්දී කටයුතු කරන ලද බවද ඔහු සඳහන් කළේය.

 

එමෙන්ම රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය ඇමතිවරයාද මෙරට සෞඛ්‍ය සේවාව ඉතා තත්වයකට ගෙන ආ බවද ඔහු පැවසීය.

 

කොරෝනා මෙරටට ඇතුළු වෙන බව තම පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද වේලාසනින්ම කියුවද ඒ බව ආණ්ඩුව ගණනකට නොගත් බවද ඔහු සඳහන් කළේය.

 

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here