පසුගිය යහපාලන ආණ්ඩුව විසින් බෞද්ධ වෙහෙර විහාරස්ථාන වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

360 ව්හනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ පසුගිය රජයෙන් බෞද්ධ වෙහෙර විහාරස්ථාන දියුණු කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කළ බවයි.

 

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය නැවතත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කරන බවත් කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ කඩා වැටුණු ආර්ථිකය යළි නැංවිය හැකි වන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවත් අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here