සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ ඉහළම තනතුරක් සඳහා ඒ මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය පත්කර ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

 

 

එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරන්නේ සමගි ජන බලවේගයේ සභාපති ධුරයක් සඳහා මෙලෙස ජලනි ප්‍රේමදාස මහත්මිය නම් කර ඇති බවයි.

 

 

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේග පක්ෂ අභ්‍යන්තර සාමාජිකයකු ගෙන් අප කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ජලනි ප්‍රේමදාස මුල සිටම පක්ෂයේ අභ්‍යන්තර කටයුතු වෙනුවෙන් මැදිහත්ව ක්‍රියා කරන බවයි.

 

 

පක්ෂයේ සියලු මුදල් ගනුදෙනු සිදු කරනු ලබන්නේ ජලනි ප්‍රේමදාස මහත්මියගේ අධීක්ෂණය යටතේ වන බවත්, ඒ අනුව මුල සිටම නිල නොලත් මාර්ගයෙන් පක්ෂයේ ආර්ථිකය මෙහෙය වූයේත් ඇයම වන බවයි.

 

 

මේ අතර මීට දින කිහිපයකට පෙර වාර්තා වූයේ සජිත් ප්‍රේමදාස මහතාගේ උපදේශකයින් යැයි පෙනී සිටි කිහිප දෙනෙකුම ජලනි ප්‍රේමදාස මහත්මියගේ මැදිහත් වීමෙන් අදාළ තනුරුවලින් ඉවත් කර ඇති බවයි.

 

 

මෙම උපදේශකයින් අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකයින් ලෙස පෙනී සිටි අයවලුන් කිහිප දෙනෙකුද සිට ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පෙන්වා දෙයි.

 

 

කෙසේවුවද මෙම තත්ත්වය හේතුවෙන් පකෂ අභ්‍යන්තරයේ දැඩි නොසන්සුන්තාවක් මතුව ඇතැයි ද වැඩිදුරටත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here