මහමැතිවරණය ආසන්න වීමට පෙර, හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කිරිම සමගි ජන බලවේගයට වාසියක් බව, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා තිබුණි.

බුදු දහමට සහ භික්ෂූන් වහන්සේලාට එරෙහිව, මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා සිදු කරන ප්‍රකාශ, සමගි ජන බලවේගයේ ඡන්ද පදනම අඩු වීමට හේතු විය හැකි බවයි සරත් ෆොන්සේකා පවසන්නේ.

තමන් සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මතුකර තිබෙන විවේචනයට, හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිතුරු ලබා දී තිබේ.

මංගල සමරවීර මහතා ලබා දී තිබෙන එම පිළිතුර සම්පූර්ණයෙන් පහත පළ වේ.

මංගල සමරවීරගේ සම්පුර්ණ සටහන පහත පළවේ.

හිතවත් සරත්,

ඔබගේ දේශපාලන පාරාජිකභාවය මගේ නමට බැර කිරීමට දරණ උත්සාහය පිළිබඳ පළමුව කණගාටු වෙමි.

ඔබගේ දේශපාලන විවේචනය සාධාරණ නම්, ඔබගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 2015 වර්ෂයේ මහ මැතිවරණයට තරඟ කර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 5,238 (0.43%)ක් ද මුළු ලංකාවෙන්ම ඡන්ද 28,587 (0.26%) ලබා අන්ත පරාජයට පත් වූයේ ද මාගේ දේශපාලන භාවිතාව නිසා දැයි දැන ගැනීමට කැමැත්තෙමි.

අනෙක පසුගිය ජනාධිපතිවරණයේ දී ඔබ නායකත්වය ලබාදුන් කැළණිය ආසනයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 16,147කින් පරාජය වූයේ ඔබගේ දේශපාලන පාරිශුද්ධකම නිසා දැයි නොදනිමි.

වැඩිදුරටත් ඔබගේ දැනගැනීම පිණිස මෙසේ ද සටහන් කරමි.

මා 1989 සිට මේ දක්වා පැවැති සියලු මැතිවරණ සඳහා තරඟ කර ඇති අතර ඒ සෑම අවස්ථාවක දීම මාගේ ප්‍රතිපත්ති හා මාගේ දේශපාලන විශ්වාසයන් ඍජුව ප්‍රකාශ කරමින්, මා ජයග්‍රහණය කළා පමණක් නොව මා නියෝජනය කළ දේශපාලන පක්ෂය ද ජයග්‍රහණය කරවා ඇත.

රනිල්ට පින් සිදුවෙන්න පාර්ලිමේන්තුවට ආ හැටි…

අද ඔබ තැන තැන වේදිකාවල ගරහමින් සිටින්නේද එදා පරාජිත ඔබ පාර්ලිමේන්තුවට කැඳවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදුන් එම නායකයාටම බව අමතක නොකරන ලෙස ද ඉල්ලා සිටිමි.

ඒ වගේම මා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගැනීමට හේතු වූ කරුණු අතර ඔබ වැනි යුධපිටියේ සිටිය යුතු යුද විරුවන් නොදන්නා දේශාපාලනයක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවීම ද එක් කරුණක් බව සිහිපත් කරමි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here