හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, පොළොන්නරුවේ පැවති ජනහමුවකට එක් වෙමින්, පාස්කු ප්‍රහාරය සිදු වීමෙන් පසුව කාදිනල් හිමිපාණන් ගේ හැසිරීම පිළිබදව විවේචනාත්මක අදහස් දැක් වීමක් සිදු කළේ ය. හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ, පාස්කු ප්‍රහාරයට පසුව දියත් වූ දේශපාලන ක්‍රියාවලියට – දැනුවත්ව හෝ නොදැනුවත්ව – කාදිනල් හිමිපාණන් ද එක් වූ බවයි.

හරීන් ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ මත දෙකක් නිර්මාණය වී ඇති බව පෙනේ. එක් පිරිසක්, හරීන්ගේ ප්‍රකාශය දැඩිව හෙළා දකින අතර, තවත් පිරිසක්, හරීන් විසින් පවසන ලද්දේ සත්‍යයක් බව පිළිගනී.

මේ අතර, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා, හරීන් ප්‍රනාන්දු පසසමින් ට්වීටර් පණිවිඩයක් ද නිකුත් කර තිබුණි.

හරීන්ගේ ප්‍රකාශය සහ ඉන්පසුව ඇතිව තිබෙන තත්ත්වය පිළිබදව අදහස් පළ කරමින්, රන්ජන් රාමනායක පවසන්නේ, කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් තමන්ට ද විවේචනයක් ඇති බවයි.

කාදිනල් හිමිපාණන්ගේ පක්ෂපාතීත්වය පිළිබදව තොරතුරු රැසක් තමන් සතුව ඇතත්, මේ මොහොතේ එම තොරතුරු හෙළිදරව් කිරීමට තමන්ට හැකියාවක් නැති බවද ඔහු පවසයි. ඒ, ඔහු නියෝජනය කරන සමගි ජන බලවේගයේ නායකත්වය, ආගමික නායකයන් සම්බන්ධයෙන් කිසිදු ආන්දෝලනාත්මක අදහස් දැක්වීමක් සිදු නොකරන ලෙස, එහි සියළු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා ඇති බැවිනි.

කෙසේ වෙතත්, අවශ්‍ය මොහොතේ දි තමන් සතුව ඇති තොරතුරු දිග හැරීමට ඔහු සූදානම් බවද රන්ජන් රාමනායක පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here