තමන් කාදිනල් හිමියන් හමුවීමට ගියේ තම ප්‍රකාශයෙන් කතෝලික මන්ත්‍රීවරුන්ට බලපෑමක් සිදුවේයැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ දැනුම්දීම අනුව බව එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

 

අද (28) ස්ථාන දෙකක පැවති ජනහමු වලදී හරීන් ප්‍රනාන්දු මහතා කාදිනල් හිමි හමුව ගැන කරුණු අනාවරණ කළේය.

 

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපතිවරණ සමයේ දේශපාලනයක නිරත වූ බවට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ අතර ඊට පාර්ශ්ව රැසකින් විවේචන එල්ල විය.

 

ඊයේ (27) දින හරීන් ප්‍රනාන්දු මහතා කාදිනල් හිමිපාණන් බැහැ දැක වැඳ ආචාර කරනු ලැබුවේය.

 

එලෙස කාදිනල් හිමි බැහැදැකීමට යාම පිළිබඳව ඔහු අද කිරිඳිවැල සහ මීරිගම පැවති ජනහමුවලදී කරුණු පැහැදිලි කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here