2011 ලෝක කුසලාන අවසන් මහා තරඟ පා  දීමක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුවන විමර්ශනට අදාලව පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව පිටව යන අතරතුර සංගක්කාර මෙම අදහස් ප්‍රකාශ කලා.

මෙවර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) සභාපතිධූරයට කුමාර සංගක්කාර තරඟ කරන්නේ නැති බවත්, ඒ සඳහා ඉදිරිපත් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංගක්කාරගෙන් ඉල්ලීමක් කර තිබුනු අතර එය ඔහු ප්‍රතික්ශේප කර ඇත්තේ මැයි මස 10 වනදා බවත් මෙහිදී හෙළි වී තිබුනා.

මෙම පරීක්ෂනයට ප්‍රකාශයක් ලබාදීමට තමා සහභාගී වූයේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන තිබෙන වගකීම සහ ගරුත්වයත් හරි දේ නිසිලෙස කිරීමට තිබෙන වුවමනාවත් නිසා බවත්,ඉදිරියේදී පරීක්ෂණ අවසන් වූ පසුව මහින්දානන්ද අලුත්ගමගේගේ මේ ප්‍රකාශයන් පිළිබදව ඇත්ත සහ නැත්ත සියළුදෙනාටම දැනගැනීමට අවස්ථාවක් ලැබෙන බවට තමා විශ්වාස කරන බවත් කුමාර් සංගක්කාර විසින් ප්‍රකාශ කරන ලදී.

වැඩිදුරටත් මාධ්‍යවේදීන්ගේ ICC සභාපතිධූරය සදහා ඉදිරිපත් වීමපිළිබද ප්‍රශ්න කිරීම් හමුවේ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මෙසේ පවසා සිටියා.

ICC සභාපතිකමට යෑමට ආරාධනාවක් තිබෙනවාද?

” නෑ මන් හිතන්නෙ නෑ, එහෙම ආරාධනාවෙන් නෙමෙයි ඒක වෙන්න ඒකට වෙනම ක්‍රමවේදයක් තියනවා කියලා තමයි මම විශ්වාස කරන්නේ, නමුත් මේ වෙලාවෙ ICC ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වයකට වඩා මට වෙන විශේෂ රාජකාරී තියෙනවා. ඒවයේ තමයි මම මේ දවස් වල නිරත වෙලා ඉන්නේ. ඒ නිසා මන් හිතන්නේ මේ දවස් වල මට කිසිම දෙයක් කරන්න වැඩි වෙලාවක් නෑ, ඉස්සෙල්ලා මට තියන රාජකාරි ටික මට දැන් තියන වගකීම් ටික මන් හරියට ඉටු කරන්න ඕන..”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here