එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවීම සඳහා රටේ ජනතාව බලය ලබා නොදෙන බව සමගි ජන බලවේගය අපේක්ෂක හිටපු අමත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

 

එන මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටුවන බවත් එතැන් සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිනු ඇත්තේ විලියම් ගොපල්ලව ජනාධිපති මෙන් යයිද ඔහු සඳහන් කළේය.

 

ඔහු මේ බව පැවසුවෙ බුලත්සිංහල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

-ප්‍රියත් සේනාධිර.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here